බප/පිළි/විද්‍යාලෝක මහා විද්‍යාලය තුළ මාසිකව සංවිධානය වනු ලබන සිංහල සාහිත්‍ය සංගමය දරුවන්ගේ භාෂා හැකියා වර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කරන ලදී.බොහෝ දරුවන් ලැජ්ජා බිය හේතුවෙන් තම දක්ෂතා එළි දැක්වීමට මැළි කමක් දක්වන යුගයක ඔවුන්ගේ වටිනා කාලයෙන් පැයක් ගෙන ඔවුන්ගේ සැගවී ඇති දක්ෂතා එළි දැක්වීමට මෙවන් සංගමයක් හරහා සිදුවන මෙහෙය අපමණ ය.සමිතියක මූලික රාමුව දරුවන්ට අවබෝධ කරවමින් විවිධ තනතුරු ඉසිලීමට හැකියාව ලබමින් අන් අයගේ හැකියා අගය කරමින් ගුරු සිසු අන්‍යෝන්‍ය සහයෝගය මත සිංහල සංගමය අඛණ්ඩව පවත්වා ගෙන යාම අප කාගේත් අරමුණයි.
සිංහල සාහිත්‍ය සංගමයේ අරමුණු
- දරුවන් තුල චතුර්විධ භාශා කුසලතාවය වර්ධනය
- නායකත්ව හැකියා වර්ධනය
- ඉදිරිපත් වීම,සංවිධාන ශක්තිය ආදී හැකියවන් තුලින් පෞරුෂ වර්ධනය
- අන් අයගෙ හැකියා අගය කරන දරු පරපුරක් බිහි කිරීම
- අනාගත ලොවට ඔබින අනාගත ලොව ජයගැනීමට උර දිය හැකි භාශා දැනුමෙන් සන්නද්ධ දරු දැරියන් බිහි කිරීම





