ඇරැව්වල විද්‍යාලෝක මහා විද්‍යාලයේ ආරම්භය
විසිවන සියවස ආරම්බය වන විට ක්‍රිස්තියානි මිෂනාරි සමාගම් මහරගම අවට ප්‍රදේශය තම ග්‍රහණයට හසු කරගෙන තිබේ.ක්‍රිස්තියානි ආගම ඉගැන්වීමට හා ඉංග්‍රීසි අධ්‍යාපනයට කුඩා ශාලා ඉදි කරමිනි. එයට පිළිතුරු ලෙස පරම විර්ඤ්ඤාණාර්ථ සමාගම ක්‍රි.ව.1902 අගෝස්තු මස 02 දින මහරගම බෞද්ධ මිශ්‍ර පාසලක් ආරම්භ කර තිබේ.එහි ප්‍රභාව ඇරැව්වල දක්වා විහිදීම නිසා ලිවීමට කියවීමට හැකි ප්‍රභූ පිරිසක් එම ප්‍රදේශයේ බිහිවිය. එම පිරිස ස්වේච්ඡාවෙන් කැපවී ඇරැව්වල දරුවන්ට ලිවීම කියවීම ඉගැන්වීම ආරම්භ කර තිබේ.එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍ය රජය විසින් ඇරැව්වල ප්‍රදේශයේ ස්වභාෂා පාසලක් ආරම්භ කරන ලදී ් ප්‍රේමසිරි වැලිවත්ත මහතාගේ ප්‍රකාශයකට අනුව ලොකු වෙද මහතා නමින් හැඳින්වූ වැලිවත්ත වෙද මහතා ද නවගමුවේ පත්තිනි දේවාලයට අනුබද්ධ කතරගම දේවාලයේ අධිපති ලයිමන් වැලිවත්ත මහතා ද බ්‍රිතාන්‍ය රජය යටතේ ගම්මුලාදෑනිවරයා වූ දාවිත් වැලිවත්ත මහතා ද ඇතුළු ප්‍රභූන් පිරිසක් ප්‍රමුඛව ක්‍රියාකර තිබේ.
ඒ අනුව ක්‍රිස්තු වර්ෂය 1922 නොවැම්බර් දහවන දින ඇරැව්වල ආණ්ඩුවේ සිංහල මිශ්‍ර පාසල බිහිවිය.වැලිහෙන්ගහවත්ත නම් ස්ථානය භූමිය විය ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව හැටකි. මුල් ගුරු මහතා ලෙස කේ.ඩී.තේගීස් මහතා බ්‍රිතාන්‍ය රජය විසින් පත් කරන ලදී මුල් ඇදුරුතුමිය වූ කේ.ඩී.මේරි නෝනා මහත්මිය සමග මුල් ගුරුවරුන් ගණන දෙකකි.දාවිත් වැලිවත්ත මහතාගේ පුත්‍ර සල්මන් වැලිවත්ත මහතා ප්‍රථම ශිෂ්‍යයා විය. ආරම්භක ගොඩනැගිලි ගණන දෙකකි. ඒ දරුවන් ඉගෙනුම ලැබු ශාලාව සහ විදුහල්පතිනිි නිල නිවාසය වේ. මේ ශාලා දෙකෙහිම වහල වට පරාළ උඩ පුවක් පටි බැඳ පොල් අතු සෙවිලි කර සකසා තිබේ ශාලාව කොට තාප්ප බිත්තියකින් ආවරණය විය.විදුහල්පති නිල නිවාසය ඉස්තෝප්පුව, කුඩා සාලය, කාමරය සහ මුළුතැන් ගෙය යන අංගයන්ගෙන් සමන්විත විය. ගොඩනැගිලි දෙකෙහිම ගෙබිම ගොම මැටි ගා සකස් කර තිබුණි.විදුහල්පති නිල නිවාසය විද්‍යාලෝක මහා විද්‍යාලයේ කාර්යාලය ලෙස පසුව පරිහරණය කරන ලදි. එය වර්තමානයේ දැකිය හැකි කෞතුක වස්තුවකි.
අපදාන සොබිනී පඤ්ඤා යන පාඨය ඇරව්වල විද්‍යාලෝක විද්‍යාලයේ ආදර්ශ පාඨයයි. හැදුණු වැඩුණු උගත්කම චරිතයෙන් බැබලෙයි යන්න එහි සිංහල අර්ථයයි.





