හැදින්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 28 වැනි වගන්තියට අනුව " ස්වාභාවධර්මය සහ ස්වාභාවික සම්පත් රැකගැනීම ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේම යුතුකම වන්නේය." ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිගත මෙම වගන්තිය යථාර්ථයක් බවට පත්කරමින් 1980 අංක 47 දරණ ජාතික පාරසරික පනත යටතේ 1981 වර්ෂයේ දී මධ්‍යම පරිසර අධිකාරිය ස්තාපිත කරන ලදී. ශ්‍රී ලාංකික පුරවැසියන් අතර පරිසරය සුරැකීමටත්, පාරිසරික සම්පත් කළමනාකරණය හා පරිසර සංරක්ෂණය සදහා වන සක්‍රීය දායකත්වය ලබාගැනීමටත් මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරනු ලබයි.
මේ සදහා පුරවැසියන්ගේ පරිසර අධ්‍යාපන මට්ටම ඉහළ නැංවිය යුතු අතර පරිසර අධ්‍යාපන මට්ටම ඉහළ නැංවිය යුතු අතර පරිසර අධ්‍යාපන මට්ටම ඉහළ නැංවිය යුතු අතර පරිසර අධ්‍යාපනයෙන් අපේක්ෂා කරන මූලික අරමුණු, 1977 වර්ෂයේ දී ජෝර්ජියාවේ අගනුවර වූ ටිබිලිසි නුවර පැවැත් වූ ජාත්‍යන්තර සමුළු ප්‍රකාශනයේ පැහැදිලිව සදහන් වේ. ( ටිබිලිසි සමුළු ප්‍රකාශනය යනු පරිසර අධ්‍යාපනය පිළිබද එක්සත් ජාතින් විසින් සංවිධානය කළ සමුළු ප්‍රකාශනයි.
පරිසර අධ්‍යාපනයේ අරමුණු:
- පාරසරික දැනුවත් බව - පරිසර සංවේදීතාවය හා පරිසරය සම්බන්ධ ගැටළු පිළිබද පුද්ගල හා සමාජ කණ්ඩායම් හට අවබෝදය ලබාදීමට සහයවීම.
- පරිසර දැනුම - පරිසරය පිළිබද මූලික අවබෝදය හා ගැටළු නිරාකරණයට අවශ්‍යවන අත්දැකීම් ලබා. ගැනීමට පුද්ගල හා සමාජ කණ්ඩායම්වලට සහයවීම.
- ආකල්ප - පාරසරික සම්පත් පිිළිබද වටිනාකම් අවබෝධ කරගැනීමටත්, පරිසර සංරක්ෂණය උදෙසා ක්‍රියාකාරිව සහභාගීවීමටත් උනන්දුව ඇතිකර ගැනීමටත් සහය වීම.
- කුසලතා - පාරසරික ගැටළු හදුනා ගැනීමට හා නිරාකරණය කිරීමට අවශ්‍යවන කුසලතා සංවර්ධනයට පුද්ගල හා සමාජ කණ්ඩායම්වලට සහයවීම.
- සහභාගිත්වය -පුද්ගල හෝ සමාජ මට්ටමින් පාරසරික ගැටළු විසදා ගැනීමට ක්‍රියාකාරි සහ සහභාගීත්වය ලබාදීමට අවස්ථාව සැලසීම
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශිත තිරසර සංවර්ධන ඉලක්ක 17න් සිව්වන ඉලක්කය ලෙස සදහන් වන්නේ "සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම' යන්නයි. ගුණාත්මක අධ්‍යාපනයක් තුළ පරිසර අධ්‍යාපනයට ගහිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එමගින් බිහිවන පරිසර හිතකාමි දරුවන්, අනාගත සමාජයේ යහපත් පුරවැසියන් බවට පත්කිරීමට අඩිතාලම සැකසෙනු ඇත.
ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ මූලික අරමුණ පෙරදැරි කරගනිමින් ශිෂ්‍යප්‍රජාව, පරිසර සංරක්ෂණයේ පුරෝගාමින් බවට පත්කිරීමේ ප්‍රයන්නයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධ වෙමින් පරිසර නියමු වැඩසටහන පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබයි. ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ මූලික අරමුණ පෙරදැරි කරගනිමින් ශිෂ්‍යප්‍රජාව, පරිසර සංරක්ෂණයේ පුරෝගාමින් බවට පත්කිරීමේ ප්‍රයන්නයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධ වෙමින් පරිසර නියමු වැඩසටහන පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබයි.හෙට දින බිහිවන පරිසර නියමුවා පරිසර සංරක්ශණයේ යෙදෙමින් සෙසු ප්‍රජාවද ඒ කෙරෙහි යොමු කරවීමේ නියමුවෙක් බවට පත් කිරීම පරිසර නියමු වැඩසටහනේ මූලික අභිලාෂයයි
කරන ලද වයාපෘති- 2023 * නව පරිසර නියමු කණ්ඩායම සදහා 7 ශ්‍රේණියේ සිසුන් 25දනෙකුගෙන් යුත් කණ්ඩායමක් බදවා ගැනීම
සහ පුහුණු කිරීම
* හරිත සහ රජත වර්ණ පදක්කම්ලාභී සිසුන් ක්ෂේත්‍ර පුහුණු වැඩසටහනක් සදහා කටුබැද්ද ඩිල්මා ආයතනය වෙත රැගෙන යෑම *
හරිත පදක්කම්ලාභී සිසුන් සදහා මධයම පරිසර අධිකාරියේ නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් දේශන පැවැත්වීම ඉදිරියේදී කිරීමට අපේක්ෂිත වයාපෘති *
*නව කණ්ඩායම සදහා පරිසර නියමු පරීක්ශණය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීම
* ස්වර්ණ පදක්කමට අදාළව රජත පදක්කම්ලාභී සිසුන් පුහුණු කිරීම
* 2024 පෙබරවාරි 10 වන දින හරිත පදක්කම්ලාභී සිසුන් සදහා රජත පදක්කම් පරීක්ෂණය පැවැත්වීම
- නව පරිසර නියමු සිසු කණ්ඩායම පුහුණු කිරීම -7 ශ්‍රේණිය








